Gossips

විවිධ අණපනත් මගින් රණවිරුවන් අනාරක්ෂිත තත්ත්වයක – භික්ෂු පෙරමුණ

වර්ථමානයේ සම්මත කරගෙන ඇති විවිධ අණ පනත් හරහා රණවිරුවන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව ශාන්ති පදනමේ අනුශාසක පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර ජාතික භික්ෂු පෙරමුණද අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, මේ එහිදී අදහස් දැක්වූ එම පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් කියා සිටියේ වත්මන් ආණ්ඩුව ප්‍රතිපත්තියක් නොමැති රට අරාජික තත්ත්වයට ගෙන යන ආණ්ඩුවක් බවයි.