Gossips

සාමාන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයිම් දෙවන අදියර හෙට සිට

සාමන්‍ය පෙල විභාගයේ උත්තර පත්‍ර ඇගයිම් පරික්ෂා කිරිමේ දෙවන අදියර හෙට සිට ලබන 17 වනදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත ප්‍රකාශ කළා.
ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල් 26න් 04ක් මෙම කාලය තුල සම්පුර්ණයෙන් වසා දැමෙන බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
ඇගයීම් කටයුතු හේතුවෙන් කොළඹ – ඉසිපතන, මාතර – මහානාම, කුරුණෑගල – සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල් මෙලෙස වසා තැබෙනු ඇති.
උත්තර පත්‍ර ඇගයීම් පරික්ෂාවේ දෙවැනි අදියර සිදුකරන අනෙකුත් පාසල් 22ක කොටස් වශයෙන් වසා දැමීම සිදුකරන අතර එම පාසල්වල කටයුතු සාමන්‍ය පරිදි සිදු කෙරෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත කියා සිටියේ.