Gossips

ජනපති, විපක්ෂ නායක ප්‍රධානත්වයෙන් සන්ධානය අද රැස්වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
එමෙන්ම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම අරලියගහ මන්දිරයේදී අද රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මේ අතර, දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට යාමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා.