Gossips

මලයාසියාවේ සුල්තාන්වරයා ඉල්ලා අස්වෙයි

මලයාසියාවේ සුල්තාන්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පස්වන මොහොමඩ් සුල්තාන්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මලයාසියානු රජය වෙත යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.
ඔහු සුල්තාන් ධුරයේ රැඳී සිටි කාලය වසර දෙකකට සීමාවූ අතර, ඉල්ලා අස්වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
කෙසේ වෙතත් තමන් මහජන සේවයට කැපවන බව ධුරයෙන් ඉල්ලා අස්වූ මලයාසියානු සුල්තාන්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
එරට අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් පවසා ඇත්තේ සුල්තාන්වරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනතුරුත් තමන් වෙත ලැබී නොමැති බවයි.