Gossips

ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන කඩිනම් කෙරේ

රජය ක්‍රියාත්මක කර ඇති ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන මේ වසරේ තවදුරටත් වේගවත් කිරිමට තීරණය කර තිබෙනවා.
මිනින්දෝරු දෙපාර්තමේන්තු සඳහන් කළේ ඊට අදාලව ඉඩම් කොටස් අසුදහසක් පමණ මිනුම් කටයුතු සිදුකර ඇති අතර ඒවායේ පිඹුරුපත් සකස් කිරීමද අවසන් කර ඇති බවයි.
ඉදිරියේදි නව තාක්ෂණය යොදා ගෙන ඉඩම් මිනුම් කටයුතු වේගවත් කරන බවද මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.