Gossips

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මීගමුව – කිඹුලාපිටිය – දාගොන්න පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් මිලිලීටර 56250 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් මත්පැන් බෝතල් 75ක් ප්‍රවාහනය කරමින් සිටියදී 41 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ්.
සැකකරු මීගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.