Gossips

සේනා දළඹුවාගෙන් වගාවන් ආරක්ෂා කිරීමට තවත් පියවර කිහිපයක්

බඩ ඉරිඟු සහ උක් වගාවට විශාල තර්ජනයක්ව පවතින සේනා දළඹුවා පාලනය කිරිම සඳහා ස්වාභාවික මෙන්ම රසායනික ක්‍රම ද භාවිතා කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – නාච්චාදූව ප්‍රදේශයේ සේනා දළඹු විශේෂය පැතිර යාම නිසා විනාශයට පත් බඩඉරිඟු වගා කර ඇති භූමි වල නිරීක්ෂණ චාරිකාවකට අද එක්වෙමින්.
මේ වන විටත් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිිමින් සේනා දළඹුවා විනාශ කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.