Gossips

පළමු පෙළ හොඳම පන්දු යැවීමේ වාර්තාව මලින්ද පුෂ්පකුමාරගේ නම ඉදිරියේ

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර මෙරට පළමු පෙළ තරඟයකදී හොඳම පන්දු යැවීම අද වාර්තා කළා.
ඒ, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ සී.සී.සී. කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන් දින ටෙස්ට් තරඟයේදියි.
එහිදී මලින්ද පුෂ්පකුමාර ලකුණු 37කට කඩුලු 10 ක් බිඳහෙලමින් පළමු පෙළ හොඳම පන්දු යැවීම වාර්තා කළේ මීට පෙර 1991 වසරේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලකුණු 41කට කඩුලු 10 බිඳ හෙලමින් තැබූ වාර්තාව අලුත් කරමින්.