Gossips

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු පිරවීමේ අර්බුදයක්

ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීමේ අර්බුදයක් පවතින බව ජාතික ගුරු සංගමය පවසනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ දිවයිනේ ජාතික පාසල් 353 න් 303 කම විදුහල්පති තනතුරු පුරප්පාඩු වී ඇති අතර, මේ වනවිට වැඩබලන විදුහල්පතිවරුන් විසින් එම විදුහල්වල කටයුතු සිදුකරන බවයි.
මේ සම්බන්ධයෙන් අප අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ ඉදිරි සති දෙක ඇතුළත අදාළ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවයි.
මේ වනවිටත් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර, ඉදිරියේදී පුරප්පාඩුවලට අදාළ පත්වීම් සිදුකරනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.