Gossips

නුවරඑළියට මල් තුහින පතිත වෙයි

නුවරඑළිය ප්‍රදේශයට අද උදෑසන මල් තුහින පතිත වී ඇති බව වාර්තාවනවා.
නුවරඑළිය නගර සභා ක්‍රීඩාපිටිය, තුරග තරඟ පිටිය සහ ගොල්ෆ් ක්‍රීඩාංගණය ඇතුලූ ස්ථාන කිහිපයකට මෙලෙස මල් තුහින පතිත වී ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
නුවරඑළියේ මේ දිනවල පවතින දැඩි ශීත කාලගුණ ත්ත්වය හේතුවෙන් එළවළු වගාවට සහ තේ වගාවටද මේ වනවිට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වියලි කාලගුණ තත්ත්වය සහ ශීත උදෑසන මෙන්ම රාත්‍රී කාලයන් තවදුරටත් පැවතීමේ හැකියාවක් පවතින බවයි.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සිත තත්ත්වයක් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.