Gossips

බෙලිඅත්තට ගිය පළමු දුම්රිය ගමනේදී, හිටපු ජනපතිගේ ඡායාරූප සහිත පුවරු අරන් ආ ප්‍රදේශවාසීන් සිදුකළ දේ

මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදි කෙරුණු නව දුම්රිය මාර්ගයේ පළමුවරට අද (06) නිරීක්ෂණ දුම්රියක් ධාවනය කෙරුණා.
එම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ද එක්ව සිටියා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කරන කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.
එහිදී ඔවුන් නීරික්ෂණ දුම්රියේ හිටපු ජනාධිපත්වරයාගේ ඡායාරූප සහිත පුවරුවක් සවි කරමින් රැඳි සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.
එම පිරිස සඳහන් කර ඇත්තේ මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකෙරුනු දුම්රිය මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සංකල්පයක් මත ඉදිකරන ලද්දක් බවයි.
කෙසේ වෙතත්, එම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් අර්ජුන රණතුංග අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමද ප්‍රතික්ෂේප කරමින් එම ස්ථානයෙන් පිටව ගිය බවයි එහි සිටින අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.