Gossips

හෙරොයින් සමඟ තුන්දෙනෙකු බේරුවලදී පොලිස් දැලේ

බේරුවල – මාගල්කන්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 73 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් මග්ගොන සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ.
මෙම සැකකරුවන් ධීවර රැකියාවේ නිරත පුද්ගලයින් වන අතර, හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධකම් ඇති අය බවටද මේ වනවිට කරුණු අනාවරණ වී තිබෙනවා.
ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.