Gossips

සෞදි කතුන්ට දික්කසාදය කෙටි පණිවුඩයකින්

සෞදි අරාබියේ කාන්තාවන්ට සිය දික්කසාදය පිළිබඳ අනිවාර්ය දැනුම්දීමක් සිදුකළ යුතු බවට නව නීතියක් පනවා තිබෙනවා.
මෙතෙක් ඔවුන්ගේ සැමියන්ට, බිරිඳට නොදන්වා අධිකරණයෙන් දික්කසාදය ලබාගැනීමේ හැකියාව තිබුණා.
එහෙත් සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන්ගේ පරිපාලනය යටතේ පනවා ඇති නව නියෝගයට අනුව, අධිකරණය මගින් දික්කසාදය පිළිබඳව අදාළ කාන්තාවන්ට එස්.එම්.එස්. පණිවුඩයක් යොමු කළ යුතුයි.
කාන්තාවන්ට පනවා තිබූ මෝටර් රථ පැදවීමේ තහනමද පසුගියදා ඉවත් කරනු ලැබුවා.