Gossips

දියණිය කෙලෙසූ පියාට වසර 22කට පසු වැඩ වරදී

ගම්පහ ප්‍රදේශයේදී 11 හැවිරිදි තම දියණියව දුෂණය කළ පුද්ගලයෙකුට වසර 22 කට පසු බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක්‌ අධිකරණය මඟින් නියම කර තිබෙනවා.
පසුගිය 22 වනදා ගම්පහ මහාධිකරණය විසින් මෙම දඬුවම නියමකර ඇති බවයි වාර්තා වන්නේ.
ලංගම ඩිපෝ මාර්ග පරීක්‌ෂකයෙකු ලෙස සේවය කළ මේ වන විට 57 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුට මෙම සිරදඬුවම නියම කර ඇති බව සඳහන්.
සිරදඬුවමට අමතරව රුපියල් 1000 ක දඩයක්‌ සහ වින්දිත දැරියට රුපියල් එක්‌ලක්‌ෂ පනස්‌ දහසක වන්දියක්‌ ගෙවීමට චූදිතයාට අධිකරණයේදී නියම වී තිබෙනවා.
දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසරකුත් සතියක කාලයක්‌ සිරදඬුවම් දීර්ඝ කිරීමටයි ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු නියෝග කළේ.
තිදරු පියෙක් වන සැකකරු එවකට 35වන වියේ පසුව අවධියේ සිය වැඩිමල් දියණිය වූ 11 හැවිරිදි දැරිය 1996 නොවැම්බර් 15 සහ 1997 ජනවාරි 15 යන කාල සීමාව තුලදී බරපතල ලෙස දුෂණය කර ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.
ඒ වන විටත් සැකරුගේ බිරිඳ මියගොස් ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් 2002 වසරේ අප්‍රේල් මස 03වන දින සැකකාර පියාට එරෙහිව ගම්පහ මහාධිකරණයේදී අධි චෝදනා ගොනුකරනු ලැබ තිබෙනවා.