Gossips

වතු කම්කරු වැටුප ගැන තීරණාත්මක සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප ඉහළ දැමීම සම්බන්ධයෙන් එළඹෙන අඟහරුවාදා වතු හාම්පුතුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් පවසනවා.
වතු කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් සමඟ මහනුවර දී ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.
‘‘ නත්තල් සහ අලූත් අවුරුද්ද හේතුවෙන් පැවති නිවාඩු කාලසීමාව නිසා අපට සාකච්ඡා පවත්වන්න ක්‍රමයක් නැතුවයි හිටියේ. නමුත් පෙරේදා මම වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ කතා කළා. එහිදී ඔවුන් මට කිව්වේ ලබන අඟහරුවාදා සාකච්ඡාවකට යමු කියලා. ඒ අනුව ලබන අඟහරුවාදා උදෑසන 10ට වතු හාම්පුතුන් සමඟ සාකච්ඡාවක් පවත්වනවා.’’