Gossips

කොළඹ තේ වෙන්දේසියේ මිල පහළට

කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල පසුගිය 2018 වසරේදී රුපියල් 581 යි ශත 91 දක්වා පහත වැටී තිබෙනවා.
2017 වසරේ එම සාමාන්‍ය මිල සටහන් වූයේ රුපියල් 618 යි ශත 14 ක් ලෙසයි.
ඒ අනුව 2018 වසරේදී තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 36 යි ශත 23 කින් පහත වැටී ඇති බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.
තේ අපනයනයෙන් ලද විදේශ විනිමය ආදායමද 2018 වසරේදී පහත වැටී තිබෙනවා.
2018 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය සැළකූ විට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 3 යි ශත 59 ක් වූ අතර, 2017 වසරේ එම සාමාන්‍යය ඩොලර් 4 යි ශත 11 ක් ලෙස සටහන් වුණා.