Gossips

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන්න, විපක්ෂ නායක මහින්ද ඉල්ලයි

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, මේ වනවිටත් ප්‍රමාදවී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ ඊයේ (04) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
ප්‍රථමයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙහිදී සඳහන් කළා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ අයවැය තුළින් සේවක වැටුප් වැඩි කිරීමට ද කටයුතු කළ යුතු බවයි.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර පවතින සමඟිය දුර්වල කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (04) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.