Gossips

කෝටි 57කට අලෙවි වූ කෙළවල්ලා (ඡායාරූප)

ජපානයේ ටෝකියෝ නුවර අද පැවති මත්ස්‍ය වෙන්දේසියේදී කිලෝග්‍රෑම් 278 ක් බරැති බ්ලුෆින් වර්ගයේ ටූනා මත්ස්‍යයෙකුට ව්‍යාපාරිකයෙකු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක් එනම් රුපියල් පනස්හත්කෝටි තිස්පන් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවා තිබෙනවා.
නව වසරේ උදාව සලකුණු කරමින් අද අලුයම පැවති මෙම සාම්ප්‍රදායික මත්ස්‍ය වෙන්දේසියේදී මීට පෙර පැවති වාර්තා බිඳ හෙලීම විශේෂත්වයක්.
ජපාන සූෂි අවන්හල් හිමියෙකු වන කියෝෂි කිමූරා විසිනුයි එම දැවැන්ත ටූනා මත්ස්‍යයා මිලදීගෙන ඇත්තේ.
සුකිජි ලෙස හැඳින්වෙන ජපාන සම්ප්‍රදායික මත්ස්‍ය වෙළඳපොලේ ටූනා හෙවත් කෙළවල්ලා මත්සයෙකුට මෙතෙක් ලැබී තිබූ ඉහළම මුදල ඩොලර් මිලියන 1.4ක්.