Gossips

චීනයේ ජනගහණය අඩුවීමේ ප්‍රවණතාවක්

ලොව වැඩිම ජනගහණයක් සහිත රටවන චීනයේ ජනගහණය අඩුවීමේ ප්‍රවණතාවක් වසර 2030 න් පසු අපේක්ෂා කළ හැකි බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
සමාජ විද්‍යාව පිළිබඳ චීන අධ්‍යයන ආයතනය සකස් කළ වාර්තාවකට අනුව වසර 2029 දී චීනයේ ජනගහණය කෝටි 144 ක් වනු ඇති.
ඉන්පසු ජනගහණයේ අපගමනයක් අපේක්ෂා කළ හැකි අතර, වසර 2050 වනවිට ජනගහණය කෝටි 136 ක් වනු ඇති බවයි එමඟින් අනුමාන කෙරෙන්නේ.
එමෙන්ම වසර 2065 වනවිට චීනයේ ජනගහණය කෝටි 125 දක්වා අඩුවනු ඇති බව එමඟින් අනාවැකි පළ කරනවා.
අධික ජනගහණය නිසා එක් පවුලක් එක් දරුවෙකුට සීමා කර තිබූ චීනය ජනගහණ වර්ධනය අඩුවීමත් සමඟ දෙවන දරුවෙකු බිහිකිරීම සඳහා 2015 වසරේදී අවසර ලබාදුන්නා.