Gossips

ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 06කට ලකුණු 319ක් රැස් කළා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව ලකණු 320ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
එහිදී නවසීලන්තය වෙනුවෙන් රෝස් ටේලර් පන්දු 105ක් තුල ලකණු 90ක් රැස් කළ අතර ජේම්ස් නීෂම් ලකණු 64ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 02ක් බිඳ දැමූ අතර නුවන් ප්‍රදීප් එක් කඩුල්ලක් බිඳ දැමුවා.
දෙරට අතර පැවති පළමු එක්දින තරඟය ජයගන්නට නවසීලන්තය සමත් වුණා.