Gossips

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා (ඡායාරූප)

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීම හේතුවෙන් අඩාල වූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවමත් යථා තත්ත්වයට පත්වී නැතැයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.
පීලි පැනීමට ලක්වූ දුම්රියේ එන්ජිම පීලිගත කර මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවනවා.
ඒ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කෙරෙන බව සඳහන්.