Gossips

යුරෝපා සංගමයේ නියෝජිතයින් විපක්ෂ නායක හමුවෙයි

යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිතුරු කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වන ජෙෆ්රි වෑන් ඕඩන් සහ විලියම් ඩාට්මවුත් වවුනියාව දිසාපතිවරයා හමුවී උතුර පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
වවුනියාව දිසාපති අයි.එම්. හනීෆා සමඟ ඊයේ සිදුකළ මෙම සාකච්ඡාවේදී වවුනියාවේ යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නිවාස ලබාදීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබුණා.
යුද්ධයෙන් අවතැන් වූ සියළු දෙනාටම මේ වන විට ස්ථීර නිවාස ලබාදීමට සැලසුම් කර ඇති බව ද වවුනියාව දිසාපතිවරයා යුරෝපා සංගම් නියෝජිතයින් වෙත ප්‍රකාශ කළ බවයි හිරු වව්නියාව වාර්තාකරු සඳහන් කළේ.
යුරෝපා සංගමයේ ආධාර මත වවුනියාව දිස්ත්‍රික්කය තුළ සංවර්ධන කටයුතු රැසක් ද මේ වන විට ක්‍රියාත්මකයි.
මේ අතර යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිතුරු කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනා ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද ඔහුගේ නිල නිවසේදී මුණගැසී තිබෙනවා.
එහිදී ඔවුන් දේශපාලන, ආර්ථික සහ සංවර්ධන කටයුතු ඇතුලූ විවිධ විෂයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.