Gossips

සරත් ෆොන්සේකාගේ චෝදනාවලට නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුමගෙන් පිළිතුරු

හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් අතර සිදුවන වාග් ප්‍රහාර දිනෙන් දිනම උණුසුම්වනවා.
ඊයේ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමන් සම්බන්ධයෙන් සිදුකළ චෝදනාවන් සඳහා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පිළිතුරු ලබාදුන්නා.
මේ අතර සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ගාල්ල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් අතර පවතින මත ගැටුම පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.