Gossips

නාමල් කුමාරට වාරණයක්

සරත් ෆොන්සේකා සහ පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා එල්ලකර ගැනීම හරහා අපරාධ රැසක් අනාවරණ වෙමින් පවතින බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවයි.
මේ අතර, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තවදුරටත් මාධ්‍ය වෙත කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්
අධිකරණය නාමල් කුමාර මහතාට අද වාරණ නියෝගයක් නිකුත් කළා.
ඔහුගේ ප්‍රකාශ පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළා.