Gossips

දුම්රියේ ගැටීමෙන් නාඳුනන පුද්ගලයෙකු මරුට

අනුරාධපුර නව බස් නැවතුම්පොළ පිටුපස දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් අද (04) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ දුම්රියේ අදාල පුද්ගලයා ගැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
වයස අවුරුදු 65ත් 70ත් අතර වයසේ පසුවන පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු
කරගෙන නැහැ.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වනවිට අනුරාධපුර දුම්රිය ස්ථානයේ තැන්පත්කර ඇති අතර මොහුගේ අනන්‍යතාවය තහවුරු කරගන්නා තෙක් මෘත දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තබන බවයි පොලිසිය පැවසුවේ.