Gossips

ආණ්ඩුකාර වෙනසක් අද

පුරප්පාඩුව පවතින පළාත් 9 සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද (04) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
පළාත් ආණ්ඩුකාරවරයෙකුගේ නිල කාලය වසර 5 ක් වන අතර, ඊට අදාළ පත්වීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබනවා.
ඒ අනුව පසුගියදා ආණ්ඩුකාරවරුන් තමන්ට නියමිත පළාත්වල ආණ්ඩුකාර තනතුරුවලින් ඉවත්ව තිබූ අතර, ඒ අනුව අද නව පත්කිරීම් සිදුකිරීමට නියමිතයි.
මේ අතර නැනෙහිර පළාත් නව ආණ්ඩුකාර ධුරය භාරගැනීම සඳහා තමන්ට ආරධනා කර ඇති බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මීට පෙර එම තනතුරේ කටයුතු කළේ රෝහිත බෝගොල්ලාගමයි.
එමෙන්ම දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාර්ෂල් පෙරේරා උතුර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇති බවද වාර්තාවනවා.