Gossips

චීනයේ සංචාරය කරන ඇමරිකානුවන්ට දැනුම්දීමක්

චීනයේ සංචාරය කිරීමේදී සැළකිිලිමත් වන ලෙස ඇමරිකානු රජය එරට වැසියන්ට දැනුම්දී තිබෙනවා.
ඒ, කැනේඩියානුවන් දෙදෙනෙකු සහ ඇමරිකානුවන් තුන්දෙනෙකු මේ වනවිටත් චීනය රඳවාගෙන සිටීම හේතුවෙන්.
ලොව දෙවන විශාලතම ස්මාට් දුරකථන සමාගම වන හුවාවේ ප්‍රධාන මුල්‍ය නිලධාරිනි මෙන් වැන්ෂූ ඇමරිකාවේ ඉල්ලීම මත කැනඩාවේදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මෙම අර්බුදයේ මූලාරම්භයයි.
ඇය නිදහස් නොකළහොත් දැඩි ප්‍රතිචාරවලට මුහුණදීමට සිදුවනු ඇතැයි චීනය, කැනඩාවට ප්‍රකාශ කර තිබුණා.