Gossips

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීමේදී චක්‍රලේඛය අනුව කටයුතු කරන්නැයි ජනපතිගෙන් ලේකම්වරුන්ට උපදෙස්

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලූ රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්දී තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදා අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්‍ෂ මණ්ඩල පත් කිරීමේදී සුදුසුකම් පරික්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත්තා.
ඒ අනුව දැනට පත් කර තිබෙන සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම් බලා නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව වෙත යොමු කරන ලෙසද ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.