Gossips

දඹුල්ලට යළි උතුරෙන් සහ නැගෙනහිරෙන් එළවළු

ගං වතුර පහව යෑමත් සමඟ උතුර සහ නැගෙනහිර පළාත්වලින් නැවතත් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග වැඩි වශයෙන් ලැබෙමින් පවතින බව එහි කළමනාකරණ භාරය ප්‍රකාශ කළා.
ඒ අනුව ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් ක්‍රමයෙන් අඩුවන බව සඳහන්.
ලීක්ස්, කැරට්, බීට්රූට්, වට්ටක්කා සහ වම්බටු තොග මේ වනවිට විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතින බවද එහි ගිය අප වාර්තාකරු කියා සිටියා.