Gossips

Update : හුන්නස්ගිරියේ තරුණයා දිවි නසාගැනීමට හේතුව ප්‍රේම සබඳතාවක්

හුන්නස්ගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගැනීමට හේතුව ප්‍රේම සබඳතාවක් බවට අනාවරණ වී තිබෙනවා.
උඩුදුම්බර පොලීසිය සඳහන් කළේ මෙම තරුණයා වෙඩි තබාගත් ස්ථානයේ තිබී පෙම් හසුන් 10 ක් සොයාගෙන ඇති බවයි.
මීට අමතරව ඔහුගේ ජංගම දුරකථනයද එම ස්ථානයෙන් හමුවී ඇති අතර, එය වැඩිදුර පරීක්ෂා කර විශේෂඥ වාර්තාවක් ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ හුන්නස්ගිරිය – නුගේතැන්න ප්‍රදේශයේ නිවසක් තුළදී මෙලෙස හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබුණේ 25 හැවිරිදි තරුණයෙක්.
සිය මව සහ පියා ඉදිරිපිටදී මොහු වෙඩි තබාගෙන තිබුණේ ප්‍රදේශයේ ගොවීන්ට වන සතුන්ගෙන් වගා ආරක්ෂා කරගැනීම සඳහා ලබාදී ඇති ගිනි අවියකින්.
මියගිය තරුණයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා විසින් අද සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.
එමෙන්ම පොතුවිල් – ආරුගම්බේ ප්‍රදේශයේදී වැඩිමහල් සහෝදරයා විසින් සිය බාල සොහොයුරාට වීදුරු බෝතලයකින් පහරදී ඝාතනය කර තිබුණා.
24 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් තිබූ අතර, ඝාතනය සිදුකළ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.