Gossips

මහනුවර කුණු ගැන ජනපති සීරුවෙන්

මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇති කටුගස්තොට – ගොහාගොඩ කැලි කසල කන්ද පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
මීතොටමුල්ල වැනි තවත් ඛේදවාචකයකට ඉඩ නොතබා එම ගැටළුව විසඳන ලෙසයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.
ජනතාව පීඩාවට පත් නොකර ප්‍රතිචක්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ කසල බැහැර කරන ලෙස නියෝග කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පළාත් පාලන ආයතන වෙත ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නා.