Gossips

පොලිස් ඩමියට පගාව දෙන්න ගිය තරුණයාට අන්තිමට අත්වූ අවාසනාවන්ත ඉරණම

පොලිස් ඩමියට පගාව දෙන්න ගිය තරුණයාට අන්තිමට අත්වූ අවාසනාවන්ත ඉරණම " (වීඩියෝ සහිතයි)
පොලිසියට සමච්චල් කළ දෙදෙනෙකුට වැඩ වරදී
වවුනියාව යාපනය පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු ඊයේ (3) පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
පොලිස් රථවාහන අංශය මගින් වවුනියාව යාපනය පාරේ මෙම ඩමිය ස්ථාපිත කර ඇත්තේ රියදුරන්ගේ වේගය සීමා කිරීමේ හා රියදුරන්ගේ අවධානය යොමු කරවීමේ පියවරක් වශයෙන්.
එම ඩමිය ඉදිරියට ගිය එක් පුද්ගලයෙකු පොලීසියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපනය කරමින් ඩමියට උසුළු විසුළු කරමින් හැසිරෙන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍යජාලය වෙත යොමු කොට තිබෙනවා.
පොලීසිය සමච්චලයට ලක් කිරීම,පොලීසියට අපහාස කිරීම,මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම හා පොලීසියට අල්ලස් ලබා දීම සදහා ජනතාව පෙළඹවීම යන චෝදනා ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කරමින් වවුනියාව පොලීසිය එම තරුණයින් දෙදෙනාව අත් අඩංගුවට ගෙන වවුනියාව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණා.
දිසා විනිසුරුවරයා එම තරුණයින් දෙදෙනාව ඇප මත නිදහස් කොට ඇති අතර යළි ලබන 24 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියෝග කොට තිබෙනවා.