Gossips

රෝගාතුර වන අලියෙකු සමඟ ආ තවත් වන අලියෙක් පන්සල් භුමියේ සිදු කළ අරුම පුදුම දේ

හැක්කපටස් ආහාරයට ගෙන තුවාල ලබා රෝගීව සිටින වන අලියෙකු සමඟ ආ තවත් අලියෙකු විහාරස්ථානයකට පැමිණි අපුර්ව පුවතක් කැකිරාවෙන් වාර්තා වනවා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ කැකිරාව ඇලගමුව බරාවිල සුදර්ශනාරාම රජ මහවිහාරස්ථානයේ ඊයේ (02) රාත්‍රියේදීයි.
ඊයේ රාත්‍රියේ 10ට පමණ මෙම වන අලින් දෙදෙනා පන්සල වෙත පැමිණ ඇති අතර එහිදී එම අලින් දෙදෙනා විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ගොස් ඝන්ඨාර නාද කොට විහාරයේ බහිරව දේවාලය දෙස නිසොල්මන් ලෙස බලා සිටි බවයි එම විහාරස්ථානයේ පූජ්‍ය තම්මැන්නාගම බුද්ධරක්ඛිත හිමියෝ ප්‍රකාශ කර ඇත්තේ.
මේ වන විට හැක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් තුවාල ලබා සිටින වන අලියාට ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් ප්‍රතිකාර සිදු කරන බවයි අප වාර්තාකරු කියා සිටියේ.