Gossips

ගොහාගොඩ කසල කන්ද පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදෙන්නැයි ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇති කටුගස්තොට ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මීතොටමුල්ල වැනි තවත් ඛේදවාචකයකට ඉඩ නොතබා එම ගැටළුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා බලධාරීන්ට අවධාරණය කර ඇත්තේ.
ගොහාගොඩ කසළ කළමණාකරණ මධ්‍යස්ථානයේ කටයුතු විධිමත් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබාදුන්නා.
මහනුවර මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කැළි කසල බැහැර කිරීම සඳහා යොදා ගනු ලබන කටුගස්තොට ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබඳ ගැටළු රැසක් මතුව ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.
ජනතාව පීඩාවට පත්වීමට ඉඩ නොතබා විධිමත් කසල ප්‍රතිචක්‍රිය ක්‍රමවේදයක් ඔස්සේ එම කසළ බැහැර කිරීමට කටයුතු කරන ලෙසට සහ නගර සභාව සහ පළාත් සභාව එක්ව ඊට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙසට ජනධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙසටයි මධ්‍යම පරිසර අධිකාරිය වෙත ද උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.