Gossips

චාලි ඝාතකයින් ගැන තොරතුරකට ලක්ෂ එකහමාරක්

මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි චාලි නැමැති සුනඛයා භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියට විරෝධය පළ කරමින් හෙට මීගමුව නගරයේ විරෝධතාවක නිරතවීමට සතුන් සුරැකීමේ සංවිධාන සහ ප්‍රදේශවාසීන් සූදානම් වනවා.
එසේම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව නිසි තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් තෑගි කිරීමටද සතුන් සුරැකීමේ සංවිධානයක් ඉදිරිපත් වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, පොලිසිය ප්‍රකාශ කළේ තවමත් ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි.
භූමිතෙල් දමා ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති මෙම සුනඛයා මරා දමා තිබුණේ දෙසැම්බර් 31 වනදා අලූයම් කාලයේදීයි.