Gossips

චීනය තවත් සූදානමක

සඳෙහි නොපෙනෙන ප්‍රදේශයකට රොබෝ රෝවර් යානයක් සාර්ථකව ගොඩ බැස්වීමේ ජයග්‍රහණයත් සමඟ, ඉදිරියේදී අනෙකුත් ග්‍රහයන්ද සාර්ථකව ගවේෂණය සඳහා චීනය සූදානම් බව එරට විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා.
චීනයේ ෂිචෑන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කළ චාන්ගී – 4 ගවේෂණ යානය නිරන්තරයෙන් ගවේෂණය නොකෙරෙන චන්ද්‍රයාගේ ප්‍රදේශයකට ගොඩ බැස්වීම අභ්‍යාවකාශ ගවේෂණයේ සන්ධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.
එමඟින් සඳේ නිරීක්ෂණය නොවුණු කොටසේ පස් සාම්පල රැගෙන ඒමට චීනය අපේක්ෂා කරනවා.