Gossips

රජයේ පුනරාවර්තන වියදම සීමා කෙරේ

මාර්තු 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැයෙන් රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස, 15% කට සීමා කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.
ඊට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පති්‍රකාවේ දැක්වෙන්නේ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17% කට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට එමඟින් අපේක්ෂා කරන බවයි.
ආයෝජන 5.5% ක ප්‍රතිශතයක පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන අතර, අයවැය හිඟය 3.5% කට සීමා කිරීමටද අපේක්ෂිතයි.