විසඳුමකින් තොරව මහ බැංකු බැඳුම්කර වංචාව යටපත් කිරිමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
