Gossips

ඇමති අර්ජුණගේ ආරක්ෂක නිලධාරීයා තවදුරටත් රිමාන්ඩ්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අමාත්‍ය අර්ජුණ රණතුංගගේ ආරක්ෂක නිලධාරීයා මේ මස 11 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දුන්නේ සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමුකරන ලෙසටයි.
අමාත්‍ය අර්ජුන රණතුංග සිය ආරක්ෂකයින් සමඟ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වැනිදා එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අධිකරණය අද වැඩිදුරටත් නියෝග කළේ සිද්ධියේදී කලහකාරී ලෙස හැසිරුණු අනෙක් පාර්ශවයේ සැකකරුවන්ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.