Gossips

ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුනා.
එහිදී පක්ෂයේ කාන්තා සංවිධානය, තරුණ සංවිධානය, නීතිඥ සංගමය, උපාධිධාරී සංගමය, වෘත්තීයවේදීන්ගේ සංගමය ඇතුලු අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් ද හමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
පසුව එම අනුබද්ධ සංවිධානවලට අයත් කාර්යාල නිරීක්ෂණය කර එහි කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා විමසා බලා තිබෙනවා.
නිදහස් පක්ෂයේ සියලු අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානයට ලක් කරමින් ඒවායෙහි ක්‍රියාකාරී දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබාගැනීමේ හැකියාව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සොයා බැලුවා.
ශක්තිමත් ජනතාවාදී පක්ෂයක් ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
නිදහස් පක්ෂ මූලස්ථානයේ කටයුතු ද විධිමත්ව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා විසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.