Gossips

පුත්තලම, කොළඹ හරහා බලපිටිය දක්වා මුහුදේ සුළං වේගය වැඩිවෙයි

ඉදිරි පැය 24 තුළ නැගෙනහිර පළාත සහ රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර, පුත්තලමේ සිට කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 50 ත්, 60 ත් දක්වා වැඩිවිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.
ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා.