Gossips

පැෆ්රල් සංවිධානය අධිකරණයට

කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පැෆ්රල් සංවිධානය අධිකරණයට යාමට සූදානම් වනවා.
එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඒ සඳහා වන නීතිමය තත්ත්වය මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවයි.
මේ අතර මහනුවර මහා රෝහලේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ එක්වු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළේ පලාත් සභා මැතිවරණයට අදාල සීමා නිර්ණ කටයුතු සුළු ජාතින්ට සාධාරණයක් ඉටුවන අයුරින් සිදු විය යුතු බවයි.