Gossips

බේරුවලින් හෙරෝයින් සමඟ ඇල්ලූ තුන්දෙනා යලි රිමාන්ඩ්

බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරෝයින් කිලෝග්‍රෑම් 231 සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා මේ මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
හෙරෝයින් සමඟ කුඩා යාත්‍රාවක සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය දෙසැම්බර් මස 5 වනදායි.
පසුව එම යාත්‍රාවේ සිටි දෙදෙනාට හෙරෝයින් ලබාදුන් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු පසුගිය දෙසැම්බර් 13 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.