Gossips

චීනය, චාන්ගි – 4 අභ්‍යවකාශ යානය සාර්ථකව සඳ මතට ගොඩබස්සවයි

සඳෙහි නිරන්තරයෙන් ගවේෂණයට ලක් නොවන ප්‍රදේශයක් වෙත චීනය අභ්‍යවකාශ යානයක් ගොඩ බස්සවා තිබෙනවා.
චීනයේ ෂිචෑන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කළ චාන්ගී – 4 ගවේෂණ යානය ඊයේ මෙලෙස සාර්ථකව ගොඩබැස්සවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙය අභ්‍යවකාශ ගවේෂනයේ වැදගත් සන්ධිස්ථානයක් වනවා. එමඟින් මෙතෙක් ගවේෂණයට ලක් නොවූ සඳේ නොපෙනෙන කොටසෙන් පස් සාම්පල රැගෙන ඒමට චීනය අපේක්ෂා කරනවා.
මෙහි අරමුණ වන්නේ චන්ද්‍රයාගේ නොපෙනෙන පාර්ශවයේ භූ විද්‍යා තත්ත්වයන් පරීක්ෂා කිරීමයි.
මෙම මෙහෙයුම සාර්ථක අවසන් වුවහොත් චීනය එම ගවේෂණය සාර්ථකව සිදුකළ ප්‍රථම රට බවට පත් වනවා.