Gossips

කොළඹ ගොඩනැගිල්ලක සෝපානයක සිරවූ පුද්ගලයෙකු බේරා ගැනේ

කොළඹ – ඉබ්බන්වල මංසන්ධියේ, ආර්ථික කටයුතු අමාත්‍යාංශය පැවති ගොඩනැගිල්ලේ සෝපානයක් තුළ සිරවූ පුද්ගලයෙකු කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ ගොඩනැගිල්ලේ අලූත්වැඩියා කටයුතුවල නිරතවෙමින් සිටි සේවකයෙකු මෙලෙස ඊයේ රාත්‍රියේ සෝපානය තුළ සිරවී සිටි බවයි.
කෙසේ වෙතත් ඔහුට කිසිදු හානියක් සිදුවී නැහැ. මේ අතර පසුගිය 29 වනදා කොම්පඤ්ඤ වීථියේ නවම් මාවතේ 9 මහල් ගොඩනැගිල්ලක සෝපානයක් කඩාවැටීමෙන් රගර් ක්‍රීඩකයෙකු මියගිය අතර, තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.