Gossips

මීගමුවේ නිවසක සුරතලාට ගිනි තැබීම ගැන ඇඟිලි සළකුණු වාර්තා කැඳවයි

මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඟිලි සළකුණු වාර්තාවක් කැඳවා තිබෙනවා.
පරීක්ෂණ මෙහෙයවන මීගමුව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ එම වාර්තා ලැබීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
මේ අතර නිවැසියන්ගෙන් සහ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.
මීගමුව – කොප්පරවත්ත හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි ලැබ්රඩෝ වර්ගයට අයත් ‘‘චාලි’’ නැමති සුනඛයාට මෙලෙස භූමිතෙල් දමා ගිනි තබා තිබුණේ පසුගිය දෙසැම්බර් 31 වනදා අලූයම් කාලයේදියි.