Gossips

කේදර් ඛාන් ජීවිතයෙන් සමුගනී

හින්දි සිනමා නළුවෙකු මෙන්ම තිර පිටපත් රචකයෙකු ලෙස අතිශය ජනප්‍රිය වූ කේදර් ඛාන් පසුගියදා සිය ජිවිතයෙන් සමුගත්තා.
කාලයක සිට රෝගාතුරව සිටි ඔහු මෑත කාලයේ කැනඩාවේ පදිංචිව සිටියා.
මිය යන විට සිය 81 වැනි වියෙහි පසුවු කේදර් ඛාන් සල්මාන්, ෂාරුක්, අමිර් ඇතුළු බොහෝ සුපිරි නළුවන් සමග රංගනයෙන් දායක වී තිබෙනවා.
80 හා 90 දශකයේ දුෂ්ඨ නළුවෙකු ලෙස බොහෝ චිත්‍රපට ප්‍රමාණයක දකින්නට ලැබුණ කේදර් ඛාන් ඉන් පසුව සිනමාලෝලීන් අතර අතිශය ජනප්‍රිය වුයේ හාස්‍යමය නළුවෙකු ලෙසයි.
සිනමාවෙන් සමුගන්නා විට විවිධ අංශ හරහා සම්මාන රැසක් දිනා ගැනීමටද කේදර්ට හැකි වී තිබුණා.