Gossips

නොසන්සුන් වූ ETI තැන්පත්කරුවන්

ETI මූල්‍ය ආයතනය සතු දේපල මිලදී ගත් බව කියන බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ඊට අදාල ලිඛිත ලියකියවිලි ලබා නොදීම හේතුවෙන් අද ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද එම ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුවා.
මෙහිදී තැන්පත්කරුවන් හා පොලීසිය අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ETI ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් අතරින් කොටසක් අද බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ඉදිරිපිටට පැමිණ ETI මූල්‍ය ආයතනයේ දේපල මිලදී ගැනීම්වලට අදාලව ලියකියවිලිවල පිටපත් තම සංගමයට ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරත වුණා.
බෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ බලධාරීන් පැමිණ ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීමට කැමැත්ත පලකලද තැන්පත්කරුවන් පවසා සිටියේ තමන්ට අවශ්‍ය සාකච්ඡා නොව තමන්ගේ තැන්පතුවලට අදාල මුදල් බවයි.
පසුව ආයතන බලධාරීන් හා තැන්පත්කරුවන් අතර උණූසුම් තත්ත්වයක් ඇතිවූ අතර විරෝධතාවයේ නිරත තැන්පත්කරුවන් බෙන් හෝල්ඩින්ග්ස් සමාගමේ කාර්යාලය තුළට ඇතුළු වී සිය විරෝධය පලකළා.