Gossips

තෙවරප්පෙරුමගෙන් ෆොන්සේකාට යළි ප්‍රතිචාර

පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ එල්ල කළ චෝදනාවලට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද යළිත් පිළිතුරු ලබාදුන්නා.
ඒ, කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පසුගියදා කිලිනොච්චියේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සඳහන් කළේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා වනජීවී අමාත්‍ය ධුරය දැරූ කාලයේ නිකරුණේ මුදල් නාස්ති කළ බවයි.