Gossips

අමාත්‍යාංශ විෂයන් යළි වෙනස්වන ලකුණු

ගැසට් මගින් ප්‍රකාශයට පත්වුණු අමාත්‍යාංශ විෂය පථයන් පිළිබඳ අද පැවති නව වසරේ පළමු කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා.
ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට අග්‍රාමාත්‍යවරයාගෙන් අමාත්‍යාංශ විෂයන්ට අදාළ නව සංශෝධන ලැබී ඇති බවයි.
එම සංශෝධනද සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී අමාත්‍යාංශ විෂය පථයන් යළි ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බව කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
එසේම 2019 වසර සඳහා වන අයවැය පෙබරවාරි මස අවසානයේ ඉදිරිපත් කළ හැකි වනු ඇතැයි අමාත්‍ය දයා ගමගේ ජනාධිපති කාර්යාලයේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.